JAVA Basics Tutorial 01 - Importance of Learning JAVA
JAVA යනු Programming ඉගෙන ගන්නා ඕනෑම සිසුවෙක් අධ්‍යයනය කල යුතුම Programming Language එකකි. එයට හේතූන් රැසක් ඇති අතර ඒවා මෙලෙස ගෙන හැර දැක්විය හැකිය.
01) JAVA is an Object Oriented Language
JAVA යනු Object Oriented Programming Language එකකි. එනම්, JAVA හි භාවිතා වන Class ආදී සංකල්ප බොහොමයක් "වස්තූන් " (Objects) ලෙස සලකා design කල හැකි වීම හා එම Objects, extend කල හැකි වීමයි. Object Oriented Programming (OOP) පිලිබදව අප ඊලග ලිපියකදී දීර්ඝව කතා කරනු ලැබේ.
02) JAVA is Simple
JAVA යනු නවක සිසුවෙකුට ඉගෙනීමට අතිශය පහසු Programming Language එකක් වේ. OOP Concepts ටික අවබෝධ කර ගත හොත් හා Algorithms වැඩකරන ආකාරය පිළිබද දැනුම තිබේ නම් JAVA ඉගෙන ගැනීම තවත් පහසු වේ.
03) Not Specific to a Platform
JAVA යනු Platform Independent Language එකක් ලෙස හදුන්වයි. එනම් JAVA වලින් code කල program එකක් compile කල පසු එහි output එක ලෙස ලැබෙන්නේ Byte Code නැමති JVM (JAVA Virtual Machine) එක මත run වන output එකකි. එය JVM එක install කර ඇති ඕනෑම Platform එකක් මත run වේ. මේ නිසා JAVA යනු ලොව පුරාම වැඩිම පිරිසක් භාවිතා කරන language එකකි. +
04) Secure
JAVA යනු ආරක්ෂාව අතින් ගත් කල බොහෝ languages වලට වඩා ඉදිරියෙන් සිටින language එකකි. JAVA security නිසි ලෙස දන්නා අයවලුන් සදහා වර්තමානයේ ඉහල වැටුප් සහිත රැකියා අවස්ථා ඕනෑ තරම් හිමිවේ.
05) Robust
JAVA මගින් නිසි ලෙස code කල program එකක් error වලින් අතිශය ආරක්ෂිත වේ. JAVA වල ඇති run time error checking, compile time error checking ආදී features නිසා ඉතා robust, එනම් errors මගින් fail / break නොවන ලෙස coding කිරීම ඉතා පහසුය.
ඉහත සදහන් කල හේතු නිසා හා තවත් හේතූන් රැසක් නිසා JAVA ඉගෙනීම ඔබගේ ඉදිරි වෘතිමය ජීවිතයට අතිශය වැදගත් තීරණයක් වනු නොඅනුමානය.
පසු සටහන්:
Software Engineer - JAVA යනු වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ඇති ඉහලම තලයේ වැටුපක් හිමිකර දෙන රැකියාවකි. ඔබගේ අධ්‍යාපන සුදුසුකම් හැකියාව මත (Degree, Skill Set) වැටුප වෙනස් වියහැකි වුවත් රු. 70,000/- සිට රු. 150,000/- දක්වා පමණ වැටුපක් JAVA Software Engineer කෙනෙකුට ඉතා පහසුවෙන් ලබාගත හැක.
අවශ්‍ය වන්නේ නිසිලෙස JAVA ඉගෙනීම, JAVA මගින් coding කිරීමේ හැකියාව හා ගැටළු විසදීමේ හැකියාවයි. තවද 99%ක්ම ශ්‍රී ලංකාව තුල සිදුකරන Software Developments සිදු කරන්නේ පිටරට client ලා සදහා නිසා, ඔවුන් සමග ගනුදෙනු කරන මට්ටමේ, කණ්ඩායමකට ඉතා වටිනා Technical Team Player කෙනෙක් වීම සදහා ඉතා හොද ඉංග්‍රීසි දැනුමක්ද පවත්වාගෙන යාම අනිවාර්ය කරුණකි.

Post a Comment