ඔබ දැනුවත් විය යුතුම "විෂාදය"
විෂාදය ( Depression )
විෂාදය යනු?
විශාදය ගැන අර්ථ දැක්වීම් රැසක් ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැකිය. නමුත් සරල ලෙසම විෂාදය යනු කුමක්ද යන්න ගැන ඔබට අදහසක් නැති නම් විෂාදය යනු කුමක්දැයි මෙලෙස පැහැදිලි කල හැකිය.
විශාදය යනු දීර්ඝ කාලයක් මුළුල්ලේම සිතිවිලි, හැගීම්, ක්‍රියාකාරකම් සම්බන්දයෙන් ඇතිවන ඍණාත්මක බලපෑමයි.
අතිශය සංවේදී මාතෘකාවක් වන මෙය කොතරම් පීඩාකාරී දරුණු මානසික පීඩාවක් වුවද නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝගයක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.
සමාජය තුල විෂාදය විවිධ වයස් සීමාවලදී දක්නට ලැබේ. එනම් විෂාදය වැළදීමට වයස් සීමාවක් නොමැත. කුඩා දරුවන්ට පවා විෂාදය වැළදෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුනක් වුවද සියලු වයස් සීමාවන් අතරින් වඩාත්ම විමසිලිමත්ව විෂාදයට ප්‍රතිකාර කල යුතු වයස් සීමාව වන්නේද වයස 16ට අඩු වයස් සීමාවයි. මන්ද කුඩා කල ඇතිවන විෂාදය නිසා දීර්ඝ කාලීන බලපෑම් ඔවුන්ගේ ජීවිත වලට ඇතිවිය හැකි බැවිනි.
විෂාදයේ රෝග ලක්ෂණ
- නිතර ඇතිවන නොසන්සුන් ස්වභාවය
- පෙර සතුටු වූ දේවල් කෙරෙහි ඇතිවන කලකිරීම
- ආහාර අරුචිය
- එකදිගට නිදා ගැනීම හෝ එකදිගට නිදි වැරීම
- ලිංගික ක්‍රියාවන් කෙරේ ඇතිවන අකමැත්ත
- එකවරම ඇතිවන බර අඩුවීම
- නිතර මරණය ගැන කියවීම
- සියදිවි හානි කරගැනීමට උත්සහ කිරීම
ඉහත රෝග ලක්ෂණ වලට අමතරව තම සමීපතමයන්ගේ ඇතිවන එකවර සිදුවන වෙනස්වීම්ද විෂාදයේ රෝග ලක්ෂණයක් විය හැකිය.
පාසල් හා ඉගෙන ගන්න වයසේ දරුවනට ඇතිවන විෂාදය
වර්තමාන පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය තුල දරුවකු අතිශය තරගකාරී ලෙස තම ඉගෙනීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම තරගය නිසා ඔවුන් නිතැතින්ම යම් ආතතියකට ලක්වේ. දෙමාපියන් ලෙස ඔබ අප කාගේත් වගකීම වන්නේ මෙම තත්වයෙන් දරුවන්ව මුදවාගෙන ඔවුන්ව නිසි මගට යොමු කිරීමය.
නිරන්තරයෙන් දරුණු ලෙස අත්තියට ලක්වන දරුවන් විෂාදියට පත්වීම නිතරම දක්නට ලැබෙන තත්වයකි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ දරුවා මෙම තත්වයට පත්වීම හේතුව නිසිලෙස සොයාගෙන ඒ සදහා නිසි පිළියම් යෙදීමය.
නිරන්තරයෙන් දෙමාපියන්ගෙන් ලැබෙන පීඩනය වර්තමානයේ පාසල් සිසුන් තුල බහුලව දක්නට ලැබෙන අවාසනාවන්ත තත්වයකි. තරගකාරී විභාග සදහා දරුවන් මුහුණ දෙන විට තවත් දරුවකු සමග තම දරුවා සංසන්දනය නොකිරීමට දෙමාපියන් වග බලා ගත යුතුය. දෙමාපියන් විසින් තේරුම් ගතයුතු සත්‍යය නම්, සැම දරුවකුම එකිනෙකාගෙන් වෙනස් වන බවත් එක් එක් දරුවන්ගේ දක්ෂතා එකිනෙකට වෙනස් බවත්ය. කෙනෙකු ගණිතයට දක්ෂයෙක් වන විට තවත් කෙනෙකු ගයන වාදන අංශයේ ඇති දක්ෂයකු විය හැකිය. මෙනිසා තම දරුවාගේ දක්ෂතා හොදින් හදුනාගෙන ඒ ඒ හැකියාවන් වැඩි දියුණු කිරීම සදහා දරුවාව යොමුකිරීම දරුවාගේ අනාගතයට දෙමාපියන් විසින් සිදු කරන හොදම උපකාරය වේ.
යොමුව:
www.webmd.com/depression/guide
www.medicalnewstoday.com/kc/depression
විෂාදයට හේතු සහ රෝග මූලිකය
කොතරම් තාක්ෂනය වුනත් තවමත් විෂාදයට නිසි හේතුවක් නිශ්චිතවම සොයා ගෙන නොමැත. දැනට හදුනාගෙන ඇති ආකාරයට පහත හේතුන් විෂාදයට හේතු ලෙස හැකිය.- ජානමය හේතු
- පෙර මුහුණ පෑ ශාරීරික හා මානසික අතවර
- පෙර ලබා ගත් බෙහෙත්
- තමන්ට සිදුවූ තදබල අහිමිවීමක් - දික්කසාදය, පෙම්වතා/පෙම්වතිය හැර යාම, මරණයක්
- මුහුණදුන් අලුත් අත්දැකීමක් - නව රැකියාවක්, නව තනතුරක්, පදිංචිය වෙනස් කිරීම
ප්‍රතිකාර
විෂාදය යනු කොතරම් දරුණු මානසික රෝග තත්වයක් වුවද සහනයට කරුණ නම් එයට නිසි ප්‍රතිකාර කිරීම මගින් සුවකරගත හැකි වීමය.
මානසික උපදේශනය
මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ මුල් අවදියේදීම විෂාදය හදුනා ගැනීමයි. මුල් අවදියේදී බෙහෙත් ආදිය ශරිරයට නොගෙනම, මානසික උපදේශන මගින් රෝගී තත්වය සුව අතට හරවා ගැනීමට හැකියාව පවතී. එම නිසා ඔබගේ වටපිටාවේ සිටින සමීපතමයන්ගේ වෙනස්වීම් හොදින් හදුනාගෙන ඔවුන්ව නිසි පරිදි ප්‍රතිකාර වලට යොමු කිරීම ඉතා වැදගත්ය.
මනෝ වෙද්‍ය උපදේශන හා චිකිත්සක ක්‍රම
විෂාදය යම් කිසි මට්ටමකට පැමිණි විට නිසි මනෝ වෛද්‍යවරයකු වෙත රෝගියාව යොමු කිරීම අතිශය වැදගත් වේ. නිසි පුහුණුව ලැබූ මානසික වෛද්‍යවරයකුට රෝගියා කුමන මට්ටමේ විෂාදයෙන් පෙලෙන්නෙක්ද යන වග හදුනාගෙන තම ප්‍රතිකාර ආරම්භ කල හැකි අතර එමගින් රෝගය ඉක්මනින් සුව අතට හරවාගැනීමට ඉඩ සැලසේ.
බෙහෙත් වර්ග
නිසි වෛද්‍ය උපදෙස් මත වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් වර්ග රෝගියාට නිසි ලෙස ලබාදීමද රෝගියා බලාගන්න අයගේ වගකීමකි. සමහර රෝගීන් බෙහෙත් ගැනීමට යම් ප්රතිවිරුද්දතාවයක් දැරීමට ඉඩ ඇති අතර රෝගියා බලාගන්නා අයවලුන් විසින් මෙම තත්වයන් හොදින් තේරුම් ගෙන නිසි ලෙස බෙහෙත් ලබාදීම ඉක්මන් සුව වීමක් කෙරෙහි ඉතා වැදගත් වේ.
යොමුව:
www.webmd.com/depression/guide
www.medicalnewstoday.com/kc/depression
Post a Comment