සමීකරණ සාදා එමගින් පිලිතුරු ලබා ගැනීම - IQ - NOTES - THEORY


IQ දැනුම පරීක්ශා කරන විබාග වලදී බහුලව ලැබෙන ප්‍රශ්න වර්ගයක් වන අතර නිසි පුහුනුවකින් යුතුව පිලිතුරු සැපයූව හොත් මුලු ලකුනු ප්‍රමාණයම ලබා ගත හැනි ආකාරයේ ප්‍රශ්න ස්වරූපයකි.



පලමුව උදාහරණයක් ලෙස පහත ගැටලුව සලකමු.

ප්‍රශ්නය:
මා ලග තිබෙන ඇපල් ගෙඩි ගණනට 21ක් එකතු කල විට මුලු ගණන 25ක් වේ. එසේ නම්, මා ලග ඇති ඇපල් ගෙඩි ගනන කීයද?

මෙවැනි ගැටලුවක් දුටු වහාම, මෙය X ඇති සමීකරනයක් යොදා විසදිය හැකි බව පෙන්වන ලක්ශන කිහිපයක් වේ.
  • සෙවිය යුත්තේ කුමක්ද යන්න නිශ්චිතව දක්වා තිබීම.
  • එම සෙවිය යුතු පිලිතුරට යම් අගයක් හෝ කිහිපයක් එකතු කර, අඩු කර හෝ වෙන යම් ගණිත කර්මයකට ලක් කර ලැබෙන අගයක් දක්වා ඇත.

පිලිතුර:

මා ලග ඇති ඇපල් ගෙඩි ගණන = X

මා ලග ඇති ඇපල් ගෙඩි ගණන + 21 = X + 21

මා ලග ඇති ඇපල් ගෙඩි ගණන + 21 = 25

X + 21 = 25

X + 21 - 21 = 25 - 21

X = 4

මා ලග ඇති ඇපල් ගෙඩි ගණන = X = 4


මෙලෙස ගැටලුව විශ්ලේෂණය කිරීම මගින් පහසුවෙන් අදාල දත්ත හදුනාගෙන ගැටලුව විසදිය හැකිය.

Important:

මෙවැනි ගැටලු විසදීමේදී ඉතා වැදගත් කරුණක් නම්, සුළු කිරීම් සිදු කරන අනු පිලිවෙලයි. සුළු කිරීම් කිරීමේ නිවැරදි අනුපිලිවෙල වන්නේ, 


01. වරහන් සුළු කිරීම්
02. න් ඇති සුළු කිරීම්
03. බෙදීම
04. ගුණ කිරීම්
05. එකතු කිරීම්
06. අඩු කිරීම්


පහත ගැටළු තනිවම සුළු කර පිලිතුර ලබා ගැනීමට උත්සාහ කරන්න.

Q_01:

කමල්ගේ දැන් වයසට තවත් අවුරුදු 57ක් එකතු කල විට ලබෙන අගය 71ක් වේ. එනයින් කමල්ගේ දැන් වයස සොයන්න.

Q_02:
සුනිල් ගණනක් සිතුවේය. එයින් 25ක් අඩු කර 10න් ගුණ කල විට පිලිතුර 450 නම් සුනිල් සිතුව ගණන කීයද?

Q_03:
සුමනාට ඇයගේ පාසලේ සිට නිවසට ඇති දුර, ඇයගේ පාසලේ සිට තැපැල් කාර්යාලයට ඇතී දුර මෙන් තුන් ගුණයට වඩා 5කින් අඩුය. සුමනාගේ පාසලේ සිට තැපැල් කාර්යාලයට දුර 4 km නම්, සුමනාගේ නිවසේ සිට ඇයගේ පාසලට ඇති දුර කීයද?

Q_04:
X හි අගය සොයන්න.
5X + 34 = 134

Q_05:
X හි අගය සොයන්න.
X + 20 +3X = 140

Q_06:
X හි අගය සොයන්න.
X - 18 = 5X - 22

Q_07:
කමල්ගේ වයස සුනිල්ගේ වයස මෙන් දෙගුණයකි. තවත් අවුරුදු 04 කින් සුනිල්ගේ හා කමල්ගේ වයස් වල එකතුව 71 වේ. සුනිල්ගේ හා කමල්ගේ දැන් වයස් සොයන්න.

Q_08:
අමාගේ වයස 5න් ගුණ කර එයට 9ක් එකතු කල විට, අමාගේ මවගේ වයස ලැබේ. අමාගේ මවගේ වයස 59යි නම් අමාගේ වයස කීයද?

Q_09:
X හි අගය සොයන්න.
4X - 4 = 2X + 6 

Q_10:
X හි අගය සොයන්න.
4X = 9 + 2X - X


No comments

Powered by Blogger.