TOP 5: Software Companies in Sri Lanka


ඔබ මෘදුකාංග ඉංජිනේරුවකු වීමට සිහින මවන අයකු නම්, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ලබාගත් පසු ලංකාව තුලම ඔබට Software Engineer කෙනෙකු ලෙස රැකියාවේ නිරතවිය හැකි ආයතන ගැන ඔබ විමසිලිමත් විය යුතුය. මෙම ලිපියෙන් අප ඔබ වෙතට ගෙන එන්නේ ශ්‍රී ලංකාව තුල තම ආයතන පවත්වාගෙන යන, ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ දැනුමෙන් පවත්වාගෙන යන ලොවටම අභියෝග කරන Software Companies පිලිබදවයි.   

Important:
මෙහි ඇතුලත් ආයතන වලට අමතරව තවත් ආයතන විශාල සංක්‍යාවක් ලංකාව තුල Software Development අංශයේ තම ව්‍යාපාර සිදුකරන අතර ඔවුන්ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්දනය සදහා අති මහත් සේවයක් සිදුකරන බව මෙහිදී සදහන් කල යුතුමය.

01: VIRTUSA
ශ්‍රී ලංකාවේ ඇති ජනප්‍රියම Software Company එක ලෙස VIRTUSA හැදින්වුවද වරදක් නැත. මක්නිසාද යත් VIRTUSA යන නම එතරම්ම ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය නිසාය. Virtusa හි මෙම ජනප්‍රියත්වයට බලපාන කරුණු ලෙස ප්‍රධාන ලෙස දැක්විය හැක්කේ ශ්‍රී ලංකාවේ Software Development Industry එක ලෝකයට ගෙනයාවට එමගින් සිදුවූ සේවාවයි. 

ආරම්භ කල වර්ෂය:   1996
ආරම්භ කල රට:         ශ්‍රී ලංකාව 
ආරම්භ කලේ:             Cris Canekeratne
                                           Tushara Canekeratne, 
                                           John Gillis
                                           Sandy Gillis
වර්තමාන ප්‍රධානියා:  Cris Canekeratne (CEO)
වර්තමාන ලිපිනය:    752, Dr Danister De Silva mw, Colombo 9
වර්තමාන සේවක ප්‍රමාණය: 20,000(worldwide), 2500(Sri Lanka) පමණ  

වර්තමානය වන විට ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වටිනාකමක් ඇති Virtusa ආයතනය, මේ වනවිට රටවල් 15ක පමණ තමන්ගේ Development & Sales Centers/Offices පවත්වාගෙන යනු ලබයි. Virtusa යනු ප්‍රධාන වශයෙන්ම IT සේවා සපයන ආයතනයක් වන අතර Healthcare, Banking & Finance, Travel, Life Science, Media හා Transportation and Logistics ආදී domains රැසකට තම සේවා සපයනු ලබයි. 

02: WSO2
Open Source Development ගැන කතා කරන විට ලංකාවේ companies අතරින් මුලින්ම මතකයට නැගෙන්නේ WSO2 ආයතනය වේ. 2005-2006 කාල වකවානුවේ ආරම්භ කල මෙම ආයතනය ඉතා කෙටි කලකින් අති මහත් ජනප්‍රියත්වයකට පත්වූ ආයතනයක් ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලාංකිකයකු වන සංජීව වීරවර්ණ විසින් ආරම්භ කල WSO2 සමගම මේ වන විට සාමාජිකයන් 600 කට අධික වෘත්තිකයන් ප්‍රමාණයකට රැකියා සපයයි.

අති දක්ෂ ශ්‍රී ලංකික ඉංජිනේරුවරුන් රැසකින් සමන්විත WSO2 හි Software Engineer කෙනෙකු ලෙස රැකියාව කිරීමට ලැබීම එක්තරා ආකාරයකට භාග්‍යයක් වන්නේ එම ආයතනය තම සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන නිසාවෙනි. 

03: MIT (Millennium IT)
Millennium IT ආයතනය මාලබේ ප්‍රදේශයේ පිහිටා ඇති තවත් සුප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ Software Company එකකි. Banking අංශයේ ව්‍යාපාර වල ඉමහත් ප්‍රසිද්දියක් උසුලන අපි කවුරුත් MIT ලෙස කෙටියෙන් හදුන්වන මෙම ආයතනය ආරම්භ කලේ 1996 වසරේදීය. 450කට අධික පිරිසක් සේවය කරන මෙහි Software මෙන්ම Hardware සම්බන්දවද හසල දැනුමක් ඇති ඉංජිනේරුවන් රැසක් සේවය කරනු ලබයි. 

2009 වසරේදී MIT ආයතනය LSEG (London Stock Exchange Group) මගින් acquire කල අතර එම නිසාම MIT නම තව තවත් ලංකාව තුල ජනප්‍රිය විය. 

04: CodeGen
මරදාන Trace City තුල පිහිටා ඇති CodeGen ආයතනය මේවන විට ලංකාවේ තරුණ පිරිස අතර වැඩියෙන්ම කතාබහට ලක්වන ආයතනයක් කියුවොත් නිවැරදිය. ඒ CodeGen ආයතනය මගින් ක්‍රියාත්මක කරන VEGA Super Car ව්‍යාපෘතිය නිසාය. 1999දී ආරම්භ කරන්නට යෙදුනු මෙම ආයතනය Travel & Tourist අංශයේ ලොව පුරා ඉමහත් කීර්තියක් අත්කරගත් සමාගමකි.

CodeGen මගින් develop කල TravelBox මෘදුකාංගය මේවන විට ලොවපුරා ප්‍රසිද්ධ සමාගම් රැසක් විසින් භාවිතා කරන අතර "Virgin Holidays" වැනි ඇති දැවැන්ත සමාගම් පවා CodeGen ආයතනය කෙරෙහි ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ Software Engineering අංශයම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සදහන් කල හැකිය. 

05: 99X Technology

ශ්‍රී ලංකාවේ හා නොර්වේ රටවල ඇති 99X Technologies ආයතනය Software Engineering අංශයේ ශ්‍රී ලංකාව තුල ප්‍රවීනයන් අතරට ගැනෙන සමාගමකි. Tech Talk ආදී events වලට ඔබ සහභාගී වී ඇති නම් "මනෝ සේකරම්" යන නම ඔබට නුපුරුදු විය නොහැක.  99X Technologies හි CEO වන්නේ  මනෝ සේකරම් මහතාය. 


පිට පිට වසර ගණනාවකදී "Best Place To Work" සම්මානයෙන් ලංකාව තුලදී පිදුම් ලැබූ මෙම ආයතනය ශ්‍රී ලංකාව තුල Software අංශයේ රැකියාව කිරීම සදහා ඇති සුදුසුම ආයතන වලින් එකකි.

No comments

Powered by Blogger.